මෙහි ප්‍රධාන චරිතය වන සම්පත් ( රොශාන් රණවන )යනු විවාහක නමුත් තම බිරිද සමග එතරම් සතුටකින් වාසය නොකරන තරුණ වයසේ පසුවන කඩවසම් තරුණයෙකි. ඔහුගේ බිරිද ( මහේශි මදුසංකා ) රැකියාව තම ජීවිතයම කර තරුණ කාන්තාවකි. විවාහ ජීවිතයේ එතරම් සුන්දරත්වයක් නොවිදිනා තැන සම්පත් තම ජීවිතය ඉතා කලකිරීමකින් ගත කරන්නේ කිසිදු දෙයකට ලැදියාවක් කැමැත්තක් නොදක්වමිනි. මේ අතරතුර ඔහුට අහම්බයෙන් හමු වන කාමිනී ( පබෝධා සංදීපනී ) නම් තරුණියක් ඔහුගේ සිත සොරා ගැනීමට සමත් වේ. එය අනියම් සම්බන්ධතාවයක් දක්වා දුර දිග යන අතර අවසානයේ එය නතර වන්නෙ සම්පත් මිනී මැරුම් තුනකටම නොදැනිවත්වම වරදකරු වෙමිනි. සම්පත් හට තමා වරදකරු නොවන බවට ඔප්පු කිරීමට අවශ්‍යතාව ඇති වූවත්, සම්පත් විසින් අනියම් සම්බන්ධතාවය ඇති කර ගත් කාමිනී නම් තරුණ කාන්තාව තව දුරටත් සොයා ගත නොහැකි වීමෙන් මහත් වූ කරදරයකට මුහුණපාන්නට සිදුවේ. ඇත්තෙන්ම පෙරකී අපරාධයන් වලට වගකියයුත්තෙ කවුරුන්ද? සම්පත්, ඔහුගේ බිරිද හා කාමිනී නම් ගුප්ත තරුණියගේ අවසානය කුමක් වේවිද?